වෛද්‍යවරයාගේ පහරදීමට එරෙහිව අපේක්ෂා රෝහලේ හෙදියෝ සේවයෙන් ඉවත්වෙති

582

අපේක්ෂා රෝහලේ හෙද හෙදියන් 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් රෝහල ඉදිරිපිට දී පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නියැළුණහ.

ඉකුත් 17 දා ශල්‍යකර්ම සඳහා නියමිත නාම ලේඛනයේ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නොවන දෙදෙනෙකුට අයත් රෝගීන් දෙදෙනකුගේ නම් දෙකක් තිබීම පිළිබඳ ප‍්‍රධාන හෙද නිලධාරිනිය එම ශල්‍ය වෛද්‍යවරයාගෙන් විමසා තිබේ.

එහිදී වෛද්‍යවරයා ඊට උරණ වී ශල්‍යාගාරය භාර ප‍්‍රධාන හෙද නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන පසුව ඇයට පරුෂ වචනයෙන් බැණ මෙසේ පහරදීමක් සිදුකර ඇතැයි විරෝධතාකරුවෝ පවසති. පසුව පහරකෑමට ලක්වූ ප‍්‍රධාන හෙද නිලධාරිනිය ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප‍්‍රතිකාර ලබයි. මේ පිළිබඳ මහරගම පොලිසියේ පැමිණිල්ලක් සිදු කොට පැය විසි හතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා නීතිය ක‍්‍රියාත්මක නො නොකිරීම සම්බන්ධයෙන් ඊට එරෙහි මෙම විරෝධතාව දක්වන බව විරෝධතාකරුවෝ පැවසූහ.

තවද පහරදීම සිදු කළ ශල්‍ය වෛද්‍යවරයා ඊයේ (18 දා) දිනයේත් රෝහලේ රාජකාරීවල නිරතව ඇති බැවින් පාලනාධිකාරිය ඔහුට විරුද්ධව විනය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද අපේක්ෂා හෙද සංගමයේ සභාපති ආර්.කේ. ලෝරන්ස් මහතා පැවසීය.

පින්සිරි ආරියරතන – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment