වෛරය ක්‍රෝධය ඉවත දමා රට ඉදිරියට ගෙන යෑමට ජනපතිට අවස්ථාව දිය යුතුයි – දොඩම්පහල ශ්‍රී රාහුල හිමි

117

වෛරය, ක්‍රෝධය ඉවත දමා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීම සඳහා භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගතයුතු යැයි දොඩම්පහල ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ඉදිරියෙන්ම සිටිනුයේ රනිල් වික්‍රමසිංහ මහතා බවද උන්වහන්සේ කීහ.

වෛරය හා ක්‍රෝධය ඉවත දමා රට ඉදිරියට ගෙන යෑමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශිර්වාද කරමින් ගාල්ල ප්‍රදේශයේ 14 වැනිදා පැවති විශේෂ සඟ සමුළුවට සහභාගි වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි තැන බුද්ධාගම ගැන සඳහන් වෙලා තිබුණත් රජයෙන් සිවුරක්වත් හම්බවෙන්නේ නැහැ. ඒ දේ අපේ රජයෙන් සැබෑවටම සිද්ධ වෙන්න ඕනෑ. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබෙනවා. නමුත් එහි සිටින අය හාමුදුරුවන් වහන්සේලා දන් වළඳන වේලාවවත් දන්නේ නැහැ.

86, 87, 88, 89 කාලය තුළ තරුණ හාමුදුරුවන් වහන්සේලා අපවත් වුණු ප්‍රමාණය මට මතකයි. මම එදා ඒ පින්තූර එකතු කරමින් එක්තරා සංවිධානයක් හරහා උන්වහන්සේලාගේ මානව අයිතීන් පිළිබඳව කටයුතු කරන්නට කැපවුණා. ඒ කැපවීමට 1336 නමකගේ නම් එකතු වුණා. ඒ දේවල් කවුරු කළත් එතැනට මේ රට ගෙන ගියේ කවුද? මිනිසුන්ගේ මනස විකෘති කළේ කවුද? මේවා පිළිබඳව අපි බොහොම ගැඹුරින් හිතන්න අවශ්‍යයි.

මෙහිදී අමාත්‍ය රමේෂ් පතිරණ, එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment