ආසියානු සහ මධ්‍යම ආසියානු තරගාවලියන් ඉලක්ක කර ගනිමින් ලබන 11 සහ 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා වොලිබෝල් සංචිතය තේරීමේ පරීක්ෂණය නොවැළැක්විය හේතූන් මත මේ මස 21 සහ 22 යන දින දක්වා කල්දමා ඇත.
එම තේරීම් පරීක්ෂණය මේ මස 21 සහ 22 දිනයන් වලදී පෙ.ව. 8.00 සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඒ අනුව පැවැත්වේ.
මේ මස 11 සහ 12 යන දිනවලදී පෙ.ව. 8.00 සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එම තේරීම් පරීක්ෂණ මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණි.