ස්වර්ණාභරණ ලොව ශ්‍රීලංකේය සන්නාමය වෝග් ජුවලර්ස් අඛණ්ඩව 5 වැනි වරටත් Tripadvisor Travellers’ Choice 2024 ජාත්‍යන්තර සම්මානයෙන් පසුගිය දා පිදුම් ලැබිය. දේශීය සහ ජාත්‍යන්තර වැඩිම සම්මාන දිනාගෙන ඇති එකම ස්වර්ණාභරණ සන්නාමය වන්නේද වෝග් ජුවලර්ස් සමාගමයි.
වෝග් ජුවලර්ස් යනු ස්වර්ණාභරණ කලාවේ තිරසාර දැකුම්කලුභාවයේත්, අසමසම ශිල්පීය නිපුනතාවයේත්, අනර්ඝත්වයේත්, අපූර්ව සුසංයෝගයකි. ඒ ගුණාංග සිය නිර්මාණයන්ගේ සියලුම පැතිකඩයන්ගෙන් පිළිබිඹු කරන්නකි. වසර 60කට අධික උරුමයක් හිමිකරගෙන ඇති වෝග් ජුවලර්ස්, සුපිරිසුදු කැරට් 22 ස්වර්ණාභරණ, දියමන්ති ඇල්ලූ ස්වර්ණාභරණ සහ මැණික් ගල් ඇල්ලූ ස්වර්ණාභරණ ආදිය සඳහා පරම්පරා ගණනාවකගේ විශ්වාසය දිනාගෙන ඇති නාමයකි.
වෝග් ජුවලර්ස් සෙසු ස්වර්ණාභරණ සමාගම්වලින් වෙනස් වන්නේ සිය පාරිභෝගික සේවාව නිසාය. දේශීය සහ ජාත්‍යන්තර සම්මාන වැඩිම සංඛ්‍යාවක් දිනාගෙන ඇති ස්වර්ණාභරණ සන්නාමය ලෙස බැබලෙන වෝග් ජුවලර්ස් නව්‍යකරණය සහ අනර්ඝත්වය සිය සම්ප්රදාය කරගෙන ඇත. අතිවිශිෂ්ට තත්ත්වය නොකඩවා පවත්වා ගැනීමට කැපවීම සෑම ආභරණයකම අනර්ඝතම ශිල්පයේ නිපුනතාවයෙන් සහ විශිෂ්ට නිර්මාණශීලිත්වයෙන් පිළිබිඹු වේ. සෑම ආභරණයක් සමග ලබා දෙන වගකීමේ සහතිකය (Lifetime guarantee) වෝග් ස්වර්ණාභරණ පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් යුතුව පැළඳිය හැකි ආභරණ බව තහවුරු කරයි. ඒ විලාසිතා කොපමණ අලුත් වුවත් විශ්වාසයෙන් යුතුව ගලපා පැළැඳිය හැකි ‘සැමදා ඔබ සමඟ’ යන පාඨයට පමණක් සීමා නොවන ස්වර්ණාභරණ නිසාවෙනි.