ශබ්දය විපරම් කිරීමට ගිය අය ජීවිතයෙන් වන්දි ගෙවලා

342

තිරප්පනේ – සමන් පෙරේරා


තිරප්පනේ වළගම්බාහුව ප‍්‍රදේශයේ දී වන අලි පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හැට හැවිරිදි වියෙහි පසු වූ දෙදරු පියෙකි. මිය ගිය අය රාත‍්‍රියේ තම නිවසේ සිට දෙමාපියන්ව රැකබලා ගැනීම සඳහා දෙමාපියන් රැඳී සිටින නිවස වෙත සුපුරුදු පරිදි ගොස් ඇත.
 
 එහිදී රාත‍්‍රි කාලයේ කිසියම් ශබ්දයන් ඇසී නිවසේ දොර ඇර එළියට විත් විපරම් කිරීමේ දී ගෙවත්තේ රැඳී සිටි වන අලියකු පහර දී ඇති බව අනාවරණය වී ඇත. පසුව සුවසැරිය ගිලන් රථයකින් බරපතළ තුවාල සිටි ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබිණ්. ඒ වනවිටත් ඔහු මිය ගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.


advertistmentadvertistment