ශවේන්ද්‍ර යයි විකුම් එයි: නව යුද හමුදාපති 1දා වැඩ භාරගනී

231

නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.

ඒ අනුව නව යුද හමුදාපතිවරයා ලබන ජුනි මස 01 වැනිදා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.

ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම මස 31 වැනිදා යුද හමුදාධිපති ධුරයෙන් විශ්‍රාම යන බවද ඒ මහතා සඳහන් කළේය.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජුනි 1 වැනිදා සිට රාජකාරි භාර ගැනීමට නියමිතය. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කරමින් සිටියේය.

චමින්ද සිල්වා සහ සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment