78 වැනි ජාතික මේස පන්දු ශූරතාවලිය
78 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශෆිඋල්ලා අක්‍රම් හා හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර ශූරතා දිනාගැනීමට සමත්විය.
78 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ කාන්තා හා පිරිමි ශූරතාවයන් දිනා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව මහනුවරින් බිහිවිය.
මෙම තරගාවලියේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශෆිඋල්ලා අක්‍රම් සිය පළමු ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර සිය පස්වැනි කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ දී බීමන්දි ක්‍රීඩිකාව කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන අංශයන් ගෙන් ජයග්‍රහණයන් හිමිකර ගනිමින් මෙම තරගාවලියේ දී ත්‍රිත්ව කිරුළ දිනා ගැනීමට සමත් විය.
ශෆිඋල්ලා අක්‍රම් පිරිමි කේවල අංශය ජය ගනිමින් සිය මංගල පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර මිශ්‍ර යුගල අංශයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ද මොහු සමත් විය.
තරගාවලියේ දී ඉහතින් දක්වන ලද දක්ෂතා පාදකකර ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස බිමන්දි බණ්ඩාර හා ශෆිඋල්ලා අක්‍රම් සම්මානයට ද පාත්‍ර විය.
බිමන්දි බණ්ඩාර හා ශෆිඋල්ලා අක්‍රම් යන දෙදෙනාගේ පුහුණුකරු ලෙස ප්‍රවීණ මේස පන්දු පුහුණුකරුවකු වන බුද්ධික රංජිත් බණ්ඩාර දික්කුඹුර කටයුතු කිරීම ද විශේෂත්වයකි.
මෙම තරගාවලිය පසුගියදා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන