ශ්‍රි පාදය බලන්න ගිය විදේශිකයා මරුට

2255

ශ්‍රි පාදස්ථානයේ සංචාරයක් සදහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙකු අද (20දා) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය කියා සිටී,

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ජෙස්පර්සන් ටොර්සන් නැමති 68 හැවිරිදි අයෙකි.

ජිවිතක්ෂයට පත් සංචාරකයා සිය බිරිද සමග (19දා) දින පස්වරුවේ නල්ලතන්නිය වෙත පැමිණ සංචාරක හෝටලයක නවාතැන්ගෙන අද අලුයම ශ්‍රි පාදස්ථානය දක්වා ගමන් කරමින් සිටියදි ඉදිකටුපහණ ප්‍රදේශයේදි පෙරවරු 07 ට පමණ හදිසියේ රෝගාතුර වි ඇත.

පසුව ඉදිකටුපහණ පොලිස් මුරපොලේ නිලධාරින් රෝගි වු විදේශිය සංචාරකයා රෝහල් ගත කිරිම සදහා නල්ලතන්නිය රැගෙන එනවිට සංචාරකයා මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.


advertistmentadvertistment