ශ්‍රීලනිප ඊයේ කැඳවූ රැස්වීම නීති විරෝධියි – හිටපු ජනපති මෛත්‍රී කියයි

79

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් විසින් ඊයේ (02දා) පවත්වන ලද පක්ෂ මධ්‍යම කාරක සභාව සහ දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා “දිවයින” ට පැවැසීය.

එම රැස්වීම පිළිබඳ ලිපි අත්සන් කර ඇත්තේ පක්ෂයේ ලේකම් යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා වැඩබලන සභාපතිවරයකු බව කියන ආණ්ඩුවේ ඇමැතිවරයෙක් බවද එම නිසා සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී නීති විරෝධි සදාචාරාත්මක නොවන කැඳවීමක් බවද හෙතෙම කීය.

මේ වනවිට තමන්ට උසාවියෙන් වාරණ නියෝග ලබාදී තිබුණ ද ඒවා අවසන් තීන්දු නොවන බවත්, අධිකරණයට හිස නමා ඉදිරියටත් කටයුතු කරන බවත් හිටපු ජනපතිවරයා කියා සිටියේය.

නව සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවත් ඒ පත්වීම් දුන්න ද එම පත්වීම් ව්‍යවස්ථා විරෝධී හා නීති විරොධී ඒවා බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment