ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ පළමු මහජන රැළිය ඊයේ (08) පස්වරුවේ අම්බලන්තොට නගරයේ දී පැවැත්විනි. දිනූම රටට – එක්ව පෙරට තේමාව යටතේ පැවැති මෙම මහජන රැළියට විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 21 දෙනෙක් සහභාගි වී සිටියහ. එමෙන්ම දැනට විදේශගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05 දෙනෙක් මෙම සන්ධානය සමග ඉදිරියේ දී එක්වන බවට දැනුම් දී තිබිනි.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට අන් කිසිදු දිස්ත්‍රික්කයකින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සහභාගි නොකළහ. මීට සහභාගි වූ සියලුම ජනතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වූහ.අනෙකුත් දිස්ත්‍රික්කවලින් ජනතාව සහභාගි කරවීමට අවස්ථාව දෙන ලෙස සෙසු මන්ත්‍රීවරු ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කළ මහින්ද අමරවීර මහතා මෙම රැස්වීමේ සියලු බර දරන ලද්දේය. මෙම රැස්වීමට සහභාගි වූ සියලුම කථිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හඳුන්වනු ලැබීය. මෙම රැස්වීම පස්වරු 2.30ට පමණ ආරම්භ වූ අතර පස්වරු 05 දක්වා පැවැත්විනි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, ලසන්ත අලගියවන්න, මුස්ලිම් කොන්ග්රස් මන්ත්‍රී ඒ. එච්. මුෂාරෆ්, අලි සබ්රි, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක, ජෝන් සෙනවිරත්න, උදයකාන්ත ගුණතිලක, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මන්ත්‍රීවරු 21ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් ඇතුළු සංවිධායකවරු 100ක් මෙම රැස්වීමට සහභාගි වූහ.
|