ශ්‍රීලනිප ව්‍යවස්ථාව වෙනස් කර චන්ද්‍රිකාට ලොකු තනතුරක්

294

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පක්ෂ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ඉහළ තනතුරක් ලබාදීමට පියවර ගෙන සිටින බව ද ඒ පිළිබඳව කුමාරතුංග මහත්මියට දැනුම් දී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂය ශක්තිමත් කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද ඒ සඳහා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් කැමැත්ත පළ කර ඇති බව ද කී එම ජ්‍යෙෂ්ඨයා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර නව තනතුර ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ද කීවේය.

නව තනතුර ලබාදීම සඳහා ඉදිරියේ පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment