ශ්‍රී පාද පද්මයේ තැන්පත් කරන සධාතුක කරඬුව රැගත් රථ පෙරහැර කැලණියෙන් පිටත්ව යයි

169

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරමින් කැලණි රජමහා විහාරයේ සිට ශ්‍රී පාදස්ථානය වෙත කේශ ධාතූන් වහන්සේ හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් සධාතුක කරඬුව වැඩම කිරීමේ වාර්ෂික පෙරහැර ඊයේ (12දා) උදෑසන 5.30 ට කැලණි රජ මහා විහාරස්ථානයෙන් පිටත්ව පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය බලා ගමන් ආරම්භ කළේය.

එළැඹෙන 14 වැනි උඳුවප් පොහෝ දින ශ්‍රී පාද පද්ම කුටියේ මෙම සධාතුක කරඬු වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රීපාද වාරය ආරම්භ වීමට නියමිතව ඇත. ඊයේ උදෑසන සධාතුක කරඬුව කැලණිය රජමහා විහාරයේ ධාතු කුටියේ සිට චාරිත්‍රානුකූලව පෙරහැර වෙත වැඩමවන අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment