ශ්‍රී ලංකාවට කඩුලු 04 ජයක්

182

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ දී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ 20/3 ලෙස කඩුලු දවා ගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 06ක් දැවී ලකුණු 140ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.චරිත් අසලංක නොදැවී 35යි.

advertistmentadvertistment
advertistmentadvertistment