ශ්‍රී ලංකාවට  ගෝල 1-0 ක පරාජයක් – දකුණු ආසියානු 20 න් පහළ පාපන්දු ශූරතාව

45

ඉන්දියාවේදී පැවැත්වුණු දකුණු ආසියානු ශූරතා 20 න් පහළ පාපන්දු තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීය.

 තරගාවලියේ සමාරම්භක දිනය වූ පෙරේදා (25 දා) පැවැති දෙවැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ක්‍රියාත්මක විය.

 තරගයට හොඳ ආරම්භයක් ගෙනදුන් කණ්ඩායම් දෙකම පළමු අර්ධය තුළදී කරට කර සටනක නිරතවනු දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය නිමාවට පත් වන විටදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම අවස්ථාවක් නොලැබිණි.

 තරගයේ දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය. කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තුව දක්වා ගෝලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැඩි වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබුණ ද බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව හේතුවෙන් එය වැළකී ගියේය.

 ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 27 වැනිදා නේපාලය සමගින් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment