ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
කණ්ඩායම් දෙකටම අද තරගය තීරණාත්මක වන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.
යම් හෙයකින් අද තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අවසන් මහ තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වේ.
අවසන් මහ තරගය ලබන 17 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වේ.