ශ්‍රී ලංකාවට තෙවෙනි ස්ථානයත් අහිමි වෙයි

205

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ කිර්ගිස්ථානය අතර (17දා) පැවැති තරගයෙන් වට 3-1ක් ලෙස ජය ගැනීමට කිරිගිස්ථාන කණ්ඩායම සමත්විය.

මෙහිදී පළමු සහ දෙවන තරග වට 25-20ක් සහ 25-17ක් ලෙස ජය ගැනීමට කිරිගිස්ථාන කණ්ඩායමට හැකිවූ අතර තෙවන තරග වටය 25-20ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

කෙසේ වුවද සිව්වන තරග වටය 25-23ක් ලෙස ජය ගැනීමට කිරිගිස්ථාන කණ්ඩායම සමත්වීමත් සමග තරගයේ ජය කිරිගිස්ථාන කණ්ඩායම සතුවිය.

ඒ අනුව මෙවර තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට කිර්ගිස්ථානයට හැකිවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වන ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය තුර්කිමෙනිස්ථානය සහ පාකිස්තානය අතර පැවැති අතර එහිදී තරග වට 3-1ක් ලෙස ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායමට හැකි වූයේය. ඒ අනුව මෙවර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පකිස්ථානයට හැකි වූ අතර අනුශුරතාවයත් සෑහීමට පත්වන්නට කිරිගිස්ථානට සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment