ශ්‍රී ලංකාවට මේස පන්දු අනුශූරතා තුනක්

23

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය දකුණු ආසියානු මේස පන්දු සංගමයේ ද සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ සහ වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා ඉසව්වල අනු ශූරතා හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත් විය.

එහිදී වයස අවුරුදු 15න් පහළ බාලක අවසන් මහා තරගයේ දී ඉන්දියාව හමුවේ තරග 3-1ක පරාජයක් ද බාලිකා අවසන් මහා තරගයේ දී තරග 3-0ක පරාජයක් ද ශ්‍රී ලංකාවට අත් විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ අවසාන මහා තරගයෙන් තරග වට 3-0ක පහසු ජයක් ලබා ඉන්දීය ක්‍රීඩිකාවෝ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment