කමිඳු සහ වෙල්ලාලගෙන් ශ්‍රී ලංකා ඉනිමට ජීවයක්
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.
කමිඳු සහ වෙල්ලාලගෙන් ශ්‍රී ලංකා ඉනිමට ජීවයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (04දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වූ ආර්. ප්‍රේමදාස පිටියේ දිනයේ ක්‍රියාත්මක කළ ප්‍රථම පන්දුවේදීම පැතුම් නිශ්ශංකගේ කඩුල්ල දවාගැනීමට මොහොමඩ් සිරාජ් සමත්විය.
අනතුරුව පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 74ක්ව තිබියදී දෙවැනි කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත් විය. ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 30කටද, සිව්වන කඩුල්ල ලකුණු 111දීත්, පස්වන කඩුල්ල ලකුණු 136දීත්, හයවන කඩුල්ල ලෙස නායක චරිත් අසලංක ලකුණු 25කට දැවී ගියේය.
ඒ අනුව ලකුණු 136කට කඩුලු 6ක් දැවී දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නව ජීවයක් ගෙන දීමට කමිදු මෙන්ඩිස් සහ දුනිත් වෙල්ලාලගේ සමත්විය. ඔවුන් දෙදෙනා 8වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ස්ථානයකට ගෙන ඒමට සමත්විය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වොෂින්ටන් සුන්ඩර් ලකුණු 30කට කඩුලු 3ක්, කුල්දීප් යාදෙව් ලකුණු 33කට කඩුලු 3ක් බිඳ හෙළීය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 240ක් ලබාගෙන තිබිණි.
සිසිර ඉන්ද්‍රජිත්