අරාබි සහ බෙංගාල සාගර දෙක, ඉන්දියාවේ දකුණු කෙළවරේ පිහිටා ඇති කුඩා වෙරළබඩ නගරයක් වන කන්‍යාකුමාරියට ආසන්න ස්ථානයක හමුවෙයි. ඉන්දියාවේ දකුණු වෙරළට සැතපුම් විසි දෙකකට ඔබ්බෙන් ශ්‍රී ලංකාව පිහිටා ඇත. තවදුරටත් ගවේෂණය කළහොත් ශ්‍රී ලංකාවේ පොහොසත්ම මත්ස්‍ය බිම් මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නතම ප්‍රදේශවල පිහිටා ඇත. මීට අමතරව මෙම කුඩා දූපත් රටේ වෙරළබඩ දිස්ත්‍රික්ක පහළොවක ධීවරයන් තම ජීවනෝපාය සඳහා ධීවර කර්මාන්තය මත යැපේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ධීවර කර්මාන්තය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1.3% ක් වේ. එපමණක් නොව, නිෂ්පාදන පදනම්, විශාල ශ්‍රම බළකායක් කෘෂිකර්ම සහ කර්මාන්ත ක්ෂේත්‍ර පදනම් රැකියා වල නියැළී සිටිති. අනිත් අතට මේ සම්බන්ධයෙන් ඇඟලුම් අපනයනය සහ තේ වගා නිෂ්පාදන ජාතික දළ දේශීය නිෂ්පාදනයට, ජාතික මානව සම්පත් සහ ආදායම් වැඩිදියුණු කිරීමට දායක වේ.
අනෙක් පැත්තෙන් හේතු රාශියක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සම්බන්ධයෙන්, සැලකිය යුතු අවිනිශ්චිතතාවය සමග ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතිය සැලකිය යුතු පීඩනයකට මුහුණ දී සිටී.
මෙම අවස්ථාවේදී පවතින ආර්ථික තත්ත්වය නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පිහිට පතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උදවු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජයේ සාමාජිකයන්ගේ සහාය අවශ්‍යයි.
හේතුව කුමක් වුවත් මේ කුඩා දූපත් රටේ තත්ත්වය විසඳීම සඳහා අපනයනය කිරීමේදී විදේශ මුදල් ඉපැයීම් ප්‍රධාන සාධකයක් වේ. මේ හේතුවට තවත් සාධකයක් එකතු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 වසරේ අපනයන ආදායම පළමු වරට ඩොලර් බිලියන 13 ඉක්මවයි. එබැවින් අපනයන ආදායම ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. තවද ශ්‍රී ලංකාව වැනි රටකට විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්මය (FTP) විදේශ කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු වැදගත්කමක් දරයි.
ඇඟලුම් ක්ෂේත්‍රය
ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නව වර්ධනයන් සමඟ ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ ඇඟලුම් හා රෙදිපිළි අපනයනයෙනි. දස දහස් ගණනක් සෘජු සහ වක්‍ර සේවකයන් ඇඟලුම් කම්හල් දහසකට වැඩි ගණනක සේවය කරති. රටේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන යුරෝපා සංගමයට තීරුබදු රහිත ප්‍රවේශය ලබා දෙන ජීඑස්පී ප්ලස් පහසුකම (යුරෝපා සංගම් වෙළෙඳපොළට ඇති වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය) ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දී ඇත. තවද එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඩොලර් බිලියන 2.1 අගයක් පමණ විය. මීට අමතරව පසුගිය වසර කිහිපය තුළ දකුණු ආසියාවේ ඉන්දියානු සහ බංග්ලාදේශ සමාගම් ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට වැදගත් ද්විපාර්ශ්වික හවුල්කරුවන් බවට පත්ව ඇත.
තේ නිෂ්පාදනය
අද කුඩා තේ වතුවලින් සියයට 60ක් පමණ තේ නිෂ්පාදනය කරන අතර 2022 වසරේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව විශාලතම තේ ප්‍රමාණය ඉරාකයටත්, දෙවනුව රුසියාවටත් අපනයනය කළේය. සමස්තයක් වශයෙන් කුඩා තේ වතු හිමියන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සැලකිය යුතු දායකත්වයක් සපයයි. තේ නිෂ්පාදන ක්ෂේත්‍රය එහි ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රකෘතිමත් වීමේ හැකියාව සම්බන්ධයෙන් ආදර්ශවත් ය.
දේශීය ව්‍යවසායකත්වය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසා අංශය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රතිපත්ති අරමුණු තුළ වැදගත් උපායමාර්ගික අංශයක් ලෙස පිළිගෙන ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා දායක වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMES) ය. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයනය ආදායම් වැඩිදියුණු කිරීමට සහ රැකියා උත්පාදනය යන දෙඅංශයෙන්ම ආර්ථිකය කෙරෙහි කැපී පෙනෙන බලපෑමක් ඇති කරයි.
ආර්ථිකය නංවාලීමට සහ වර්තමාන ආර්ථික අර්බුදයෙන් මිදීමට වත්මන් උත්සාහයේ උපරිම විභව ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ
ජාතික ආර්ථික ප්‍රතිපත්තිය
මෙම සාරාංශය තුළ, ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සහ මූල්‍ය අර්බුදය අපනයන ඉලක්ක කරගත් ව්‍යවසායන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය. රැකියා ප්‍රවර්ධනය, ආදායම් උත්පාදනය සහ තාක්ෂණ හුවමාරුව තුළ ශ්‍රී ලංකාවේ අපනයනය මත පදනම් වූ වර්ධනයේ ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා පුළුල් සහ ඒකාබද්ධ ඉදිරි දර්ශන සම්ප්‍රදායික ප්‍රතිපත්තිවලින් ඔබ්බට යා යුතුය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට තිරසාරභාවය සඳහා සමතුලිත ජාතික ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව තවත් ආර්ථික අර්බුදයකින් ආරක්ෂා කර ගැනීමට විවිධාංගීකරණය වූ ආර්ථිකයක් ඉතා වැදගත් වේ.
කර්තෘ :
ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආචාර්ය (PhD) උපාධියක් ලබා ඇත. ඔහු සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් ගේ (SIDS) සංසන්දනාත්මක දේශපාලනය කරුණු කෙරෙහි අවධානය යොමු කරන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රීය විශේෂඥයකු වේ. නව කලාපීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ උපදේශකයෙකි. ඔහු ‘දේශපාලනය, ආර්ථික විද්‍යාව සහ සම්බන්ධතාව : දකුණු ආසියානු සංගමය සොයා යෑම’ ග්‍රන්ථයේ කතුවරයා වේ.
ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු