ශ්‍රී ලංකාවේ කඩුලු 06ක් දැවී යයි

235

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 3.40ට ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 12ක් ලබා දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇත.කුසල් පෙරේරා,සධීර සමරවික්‍රම චරිත් අසලංක සහ දසුන් ශානක ලකුණු නොලබාම දැවී ගියහ. පැතුම් නිස්සංක ලකුණු 02ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 04ක් ලබා සිටියදී දැවී ගියහ.පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් ලකුණු 04කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය.


advertistmentadvertistment