ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණයට අත දෙයි

235

පර්යේෂණ සමුළුව මහනුවරදී මුළු දෙයි

 ජෛව සංරක්ෂණ සංගමය (BCSL), එංගලන්තයේ රෆඞ් (The Rufford Foundation) ආයතනයේ සහයෝගය මත සංවිධානය කරන ලද තෙදින ජෛව විවිධත්ව සංරක්ෂණ සමුළුවක් ඉකුත්දා මහනුවර ඕක්රේ රීජන්සි හෝටලයේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය හා ඊට අදාළ පර්යේෂණ ප‍්‍රතිපල එළිදැක්වීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම සමුළුව, ”ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සුරකිමු” මැයෙන් නම්කර තිබූ අතර, මෙහිදී දේශන සහ පර්යේෂණ ප‍්‍රතිපල 30 කට ආසන්න ප‍්‍රමාණයක් ඉදිරිපත් කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණයට අත දෙයි

ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා මෙහිදී පිළිගැනීමේ කතාව සිදුකරමින් පැවසුවේ රෆඞ් ආයතනයේ දායකත්වයෙන් සිදුකරන ලද මෙම ජෛව විවිධත්ව සංරක්ෂණය හා ඊට අදාළ පර්යේෂණ මගින් තරුණ පර්යේෂකයින් රැුසකට නවක පර්යේෂණ ප‍්‍රතිපල රැුසක් ජනගත කිරීමට අවස්ථාව උදාවී ඇති බවයි.

 ශාක හා සත්ත්ව යන කාණ්ඩ දෙකේම වැදගත් පර්යේෂණ රැුසක් මෙම දායකත්වය යටතේ සිදුකරන්නට හැකිවූ බවද, තවත් අතකින් මෙම අවස්ථාව මගින් රටට විදේශ විනිමය උපයාගැනීමේ අවස්ථාවක් නිර්මාණය වූ බවයි. මෙහිදී ආධුනික පර්යේෂකයින් සඳහා මෙන්ම, ක්ෂේත‍්‍රයේ පළපුරුදු පර්යේෂකයින් සඳහා ද පර්යේෂණ අවස්ථා ලැබී තිබුණු අතර, සමුළුවේදී වන හා වන ජීවී ක්ෂේත‍්‍රයේ මෙන්ම, පරිසර හා ජෛව විවිධත්ව ක්ෂේත‍්‍රයේ ද ප‍්‍රවීණයෝ රැුසක් අදහස් දැක් වූහ. සමුළුවේ ප‍්‍රධාන දේශනය ”වත්මන් අලි-මිනිස් ගැටුම සහ ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්ව අසමබරතාවේ සාධක” මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා විසින් සිදුකරන ලද අතර, මුඛ්‍ය දේශනය ”කල්පිටිය අර්ධද්වීපයේ මුහුදු කැස්බෑවන් සහ වෙරළාශ‍්‍රිත ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා ප‍්‍රජා දායකත්වය” මැයෙන් ආචාර්ය ලලිත් ඒකනායක මහතා විසින් සිදුකරන්නට යෙදිණි.

ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණයට අත දෙයි

සමුළුවේ දෙවැනි දින ප‍්‍රධාන දේශණය කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ ප‍්‍රධානී තුෂාන් කපුරුසිංහ, මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය දීපාල් සුබසිංහ, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපිකා රාජකරුණා, රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය කනිෂ්ක උකුවෙල, ඌව විශ්වවිද්‍යාලයේ ආචාර්ය දර්ශනී සිංහලගේ, වන ජීවී මෙහෙයුම් අධ්‍යක්ෂ රන්ජන් මාරසිංහ, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ නිල්මිණි රණසිංහ යන මහත්ම මහත්මීන්ද මෙහිදී දේශන පැවැත්වූහ.

 මෙයට අමතරව, පකිස්තානය, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, යන රටවල පර්යේෂකයින් සූම් තාක්ෂණය ඔස්සේ තම පර්යේෂණ අත්දැකීම සමුළුව හා බෙදාගත්හ. අනතුරුව සමුළුවේ කටයුතු හමාර කරමින්

 සහභාගිවන්නන් සඳහා අවසන් දින නකල්ස් ලෝක උරුම සංරක්ෂිත වනාන්තරයේ ඞීන්ස්ටන් ප‍්‍රදේශය දක්වා ජෛව විවිධත්ව අධ්‍යයන ක්ෂේත‍්‍ර චාරිකාවක්ද සංවිධානය කර තිබූ අතර, සහභාගිවන්නන් සඳහා ජෛව සංරක්ෂණ සංගමය (BCSL) සහ රෆඞ් (The Rufford Foundation) ආයතනය එක්ව සහතික පත් ප‍්‍රදානයක් ද සිදුකෙරිණි.

 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment