ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අර්බුදය

727

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනට පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ දී පුද්ගලයන්, රාජ්‍ය ආයතන, දේශපාලන පක්ෂ සහ අගමැතිවරයාගෙන් පවා සංශෝධන මාලාවක් මතු කර තිබේ. මෙම සංශෝධන බහුතරයක පොදු ලක්ෂණය වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අඩු කර එම ක්‍රියාවලියෙන් පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කිරීමයි. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින මෙම සදාකාලික කඹ ඇදිල්ලේ නො දන්නා සාධකය නම්, සමතුලිතතාව, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික තිරසාර බව ලබා දෙන්නේ කවර බල බෙදීමකින් ද යන්න ය. මෙම බෙදීම රටින් රටට කලින් කල ට වෙනස් වන දෙයකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාර්ලිමේන්තුවේ සහ මහජන සංසදවල දැනට පවතින විවාදවලින් පිළිබිඹු වන්නේ ඉහත ව්‍යායාමයයි. නිදසුනක් වශයෙන්, විරෝධතාකරුවන්ට පද්ධතියේ/ ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඔවුන් කැමති ක්‍රමය ගැන කිසිදු අවබෝධයක් නැත. ඔවුන් ඒ වෙනුවට එක් සරල ඉල්ලීමක් කෙරෙහි අවධානය යොමු කර ඇත, එනම් ‘Gota Go Home’ යන්න ය. මෙම එකම එක ක්‍රියාවෙන් ඔවුන්ගේ සියලු අප්‍රකාශිත සහ අවිනිශ්චිත අපේක්ෂිත අරමුණු ඉටු වනු ඇතැයි යන සාවද්‍ය අපේක්ෂාවක් ඇත. නීතිඥ සංගමය වැනි තවත් අය දකින්නේ විධායක ජනාධිපති ක්‍රමය දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික තිරසාර බවට ඇති ප්‍රධානතම බාධකය ලෙසත් විසඳුම එය අහෝසි කිරීම ලෙසට ය. අනෙක් අතට, ශ්‍රී ලංකාව “ඩොමීනියානු” රාජ්‍යයක් වීමට පෙර පැවැති විධායක කමිටු ක්‍රමය ආපසු හැරවිය යුතු බව අගමැතිවරයාගේ අදහසයි.

විධායක කාරක සභා ක්‍රමය, එක්සත් රාජධානියට සම “වෙස්ට් මිනිස්ටර්” පාර්ලිමේන්තු ක්‍රමය සහ පාර්ලිමේන්තුව මෙන් ඡන්දයෙන් පත් වූ “රාජ්‍ය බලයේ උත්තරීතර උපකරණය” වූ ජාතික රාජ්‍ය සභා ක්‍රමය ප්‍රථමයෙන් අත්විඳින ලද ශ්‍රී ලංකාව, බලතල මුලින් සිතා සිටි ප්‍රමාණයෙන් ඔබ්බට වැඩි කර පසුව 19 වැනි සංශෝධනය යටතේ යටපත් කර ඇති වත්මන් ජනාධිපති ක්‍රමය දක්වා ද ශ්‍රී ලංකාව සියලු පද්ධති අත්හදා ඇති බව පෙනේ. හැකි සෑම ක්‍රමයක් ම අත්හදා බලා, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 4000ක් සහිත මධ්‍යම ආදායම් ලබන රටක තත්ත්වය එක් වරක් පමණක් ලබා ගත්තේ නම්, ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මෙය පද්ධතියේ වරදක් ද නැතිනම් වෙනත් හේතුවක් තිබේ ද යන්න ය. වර්තමාන උභතෝකෝටිකයට හේතුව සත්‍ය වශයෙන් පද්ධතිය නොවේ නම්, අනුගමනය කළ යුත්තේ පද්ධතිය වෙනස් කිරීම යයි සිතන අය, පවතින පද්ධතිය අහෝසි කිරීමට කැමති අය සහ දැනටමත් උත්සාහ කර ඇති පද්ධති සමඟ ගැට ගැසීමට අවධානය යොමු කරන අය වත්මන් අර්බුදයට හේතුව පිළිබඳ කරුණු වරදවා වටහා ගෙන ඇති බවයි.

අර්බුද වැළැක්වීම

වත්මන් අර්බුදයට හේතු ව ලෙස දක්වන්නේ පාලන පද්ධතියේ අසාර්ථකත්වයයි. එබැවින් පද්ධතිය වෙනස් කිරීම සඳහා හඬක් ඇත. පවතින පද්ධති සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සෙවීමට මෙම හඬ හේතු වී ඇත. එවැනි ව්‍යායාමයක නිරත වීමට පෙර වත්මන් අර්බුදයට හේතුව විමසා බැලීම නුවණට හුරු ය. පහත සඳහන් තීරණවලට හේතු වූයේ පද්ධතිය ද, නැතිනම් ප්‍රතිපත්ති ද?

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ ප්‍රතිපත්තිය

බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය

ස්ථාවර විනිමය අනුපාතිකයක් අනුගමනය කිරීමේ ප්‍රතිපත්තිය

ආයෝජනයෙන් සුළු හෝ ප්‍රතිලාභයක් නොමැති මහ පරිමාණ
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සීමා රහිත ණය ගැනීම

රුපියලේ ඉල්ලුම සපුරාලීම සඳහා මුදල් මුද්‍රණය කිරීමට

එවැනි ප්‍රතිපත්ති 20 සංශෝධනය සහ 19 සංශෝධනය යටතේ ආණ්ඩු විසින් සම්මත කර පවත්වා ගෙන යන ලද අතර පිළිවෙළින් එකී සංශෝධනවලින් ජනාධිපතිවරයාට වැඩි බලයක් පැවරූ අතර පසුව පාර්ලිමේන්තුවට වැඩි බලයක් පවරන ලදී. මින් තහවුරු වන්නේ පද්ධතිය නොව විධායකයට හෝ පාර්ලිමේන්තුවට අසීමිත ලෙස බලය භාවිතා කිරීමට සීමා පැනවීමට යාන්ත්‍රණයක් නොමැතිකම බව ය. එබැවින් පද්ධතිය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට අවශ්‍ය වන්නේ රාජ්‍ය බලය හසුරුවන කිසිදු ආයතනයකට සංයමයකින් තොර බලය යෙදවීමට සීමා පැනවීමේ ව්‍යවස්ථාමය බාධක වර්ධනය කිරීමයි.

අසීමිත ෆෙඩරල් මූල්‍යමය හිඟයන් පාලනය කිරීම සඳහා 1985 Gramm – Rudman – Hollings හිඟය අඩු කිරීමේ පනත යටතේ එක්සත් ජනපදයේ එවැනි ස්වභාවයේ සීමාවන් හඳුන්වා දෙන ලදී.

“මෙම පනත් මගින් එක්සත් ජනපදයේ ෆෙඩරල් අයවැය හිඟය කපා හැරීම අරමුණු විය. මෙම හිඟය යනු සෑම වසරකම ෆෙඩරල් රජය විසින් කරන ලද වියදම් එහි ආදායම ඉක්මවා යන මුදල වන අතර ඒ වන විට ඩොලර් අනුව ඉතිහාසයේ විශාලතම අගය විය. විවිධ කාණ්ඩවල මුළු අභිමතය පරිදි විසර්ජන මුදල් වර්ෂයක් තුළ අයවැය වියදම් සීමාවන් ඉක්මවන්නේ නම්, ස්වයංක්‍රීය වියදම් කප්පාදුව (“අයවැය සම්පත් අවලංගු කිරීම”, “අනුමතකරණය” ලෙස හැඳින්වේ.) සඳහා පනත් මඟින් සපයා ඇත. එනම්, කොන්ග්‍රසය විසින් එක්-එක් මූල්‍ය වර්ෂය තුළ අයවැය එකතුව ඉක්මවන අභිමත වියදම් සඳහා විසර්ජන පනත් කෙටුම්පත් කරන්නේ නම්, කොන්ග්‍රසය අයවැය ප්‍රමාණය වැඩි කරමින් වෙනත් අයවැය යෝජනාවක් සම්මත නො කළ විට, අභිමතය පරිදි වියදම් කපා හැරීම ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වේ. සියලුම දෙපාර්තමේන්තු සහ වැඩසටහන්වලට සමාන ප්‍රතිශතයකින් බලපායි. සීමාව ඉක්මවන මුදල භාණ්ඩාගාරය විසින් රඳවා තබා ගන්නා අතර විසර්ජන බිල්පත්වල දක්වා ඇති නියෝජිතායතන වෙත මාරු නො කෙරේ” (යොමුව: විකිපීඩියා).

“1985 පනත යටතේ, ෆෙඩරල් හිඟය අවසානයේ දී තුරන් කිරීම සැලකිල්ලට ගනිමින් අවසර ලත් හිඟ මට්ටම් ගණනය කරන ලදී. අයවැය අනුමත හිඟය ඉක්මවා ගිය හොත්, සියලුම ආයතනවලට බලපාන පරිදි කප්පාදු කිරීම අවශ්‍ය විය. කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ (OMB) සහ කොන්ග්‍රස් අයවැය කාර්යාලයේ (CBO) අධ්‍යක්ෂවරුන් කොපමණ ප්‍රමාණයක් කපා හැරිය යුතු ද යන්න පිළිබඳ ඔවුන්ගේ නිර්දේශ සම්බන්ධයෙන් මූල්‍ය පාලක ජනරාල් වෙත වාර්තා කිරීමට අවශ්‍ය විය. පසුව මූල්‍ය පාලක ජනරාල්වරයා මෙම වාර්තා ඇගයීමට ලක් කර, ඔහුගේ ම නිගමනයක් ඉදිරිපත් කර, ජනාධිපතිවරයාට නිර්දේශයක් ලබා දුන් අතර, කොන්ග්‍රසය විසින් නියමිත කාලය තුළ නියමිත ප්‍රමාණයකින් වෙනත් ආකාරයකින් කප්පාදු නො කරන අවස්ථාවලදී, මූල්‍ය පාලක ජනරාල් විසින් නිර්දේශ කරන ලද අඩු කිරීම් බලාත්මක වන නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටියි.” (ඉහත යොමුව).

“නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ මුලසුන දරන නිලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන් තිදෙනකුගෙන් යුත් නම් ලැයිස්තුවකින් ජනාධිපතිවරයා විසින් පාලක ජනරාල්වරයා නම් කරනු ලැබේ. ඔහු ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති නිෂේධ බලයට යටත් ව, සභා දෙකෙහි ම බහුතර ඡන්ද සහිත ව කොන්ග්‍රසයේ ඒකාබද්ධ යෝජනාවකින් පමණි. කොන්ග්‍රසයට මෙම ඉවත් කිරීම සඳහා “අකාර්යක්ෂමතාව”, “රාජකාරිය නො සලකා හැරීම” හෝ “අවිචාරය” ඇතුළු හේතු ගණනාවක් ඉදිරිපත් කළ හැකි ය. (ඉහත යොමුව).

ශ්‍රී ලංකාව එක්සත් ජනපදයේ අත්දැකීම්වලින් ඉගෙන ගත යුතු අතර ප්‍රමාණවත් ව්‍යවස්ථාපිත ආරක්ෂණයන් සහිත නීති සම්පාදනය කළ යුතු ය: අයවැය හිඟයන් සහ ආනයන – අපනයන හිඟයන් නියමිත මට්ටමට සීමා කිරීමත්; නියම කර ඇති පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකකට සීමා වූ මූල්‍ය ණය ගැනීම් ඇතුළු අනෙකුත් මූල්‍ය විධිවිධාන ඇති කිරීමත්; පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමඟ ගිවිසුම් සහ වෙනත් බැඳීම් සඳහා රට පත් නො කිරීමටත්; පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් දැනුම් දීමකින් තොරව සියලු අනාරාධිත යෝජනා පිළි නො ගැනීමටත්; දේශීය හෝ විදේශීය පුද්ගලයන්ට හෝ ආයතනික ආයතනවලට ජාතික වත්කම් බැහැර නො කරන බවටත්; යනාදිය වේ.

තේරී පත් වූ නියෝජිතයන් ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රමය ජනාධිපති, පාර්ලිමේන්තු හෝ අර්ධ ජනාධිපති යන දේශපාලන ක්‍රමය කුමක් වුවත්, පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට වඩා අඩු හෝ වැඩි බලයක් තිබෙන දේශපාලන ක්‍රමය කුමක් වුවත්, ඔවුන් විනයානුකූල කිරීමට සහ පාලනය කිරීමට ඉහත යෝජනා කළ ස්වභාවයේ ව්‍යවස්ථාමය සීමාවන් අත්‍යවශ්‍ය වේ.

එවැනි ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ සැකසීමෙන් පසු, ඒවාට අනුකූල වීම සහතික කිරීමේ අධිකාරිය එක්සත් ජනපදයේ මෙන් එක් නිලධරයෙකුට හෝ නීතිපතිවරයා වෙත පැවරිය යුතු ය. තවද, එවැනි යෝජිත ආරක්ෂණයෙන් දූෂණය වළක්වනු ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ, එවැනි ව්‍යවස්ථාමය ආරක්ෂාවන්ගෙන් ලැබෙන වඩාත් වැදගත් දායකත්වය වනුයේ ග්‍රාමීය ප්‍රදේශවල වගා කරන ආහාර ප්‍රවාහනය සඳහා ඉන්ධන තෙල් මිල දී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සංරක්ෂණය කර එමඟින් වගාකරුට මෙන්ම පාරිභෝගිකයාට ප්‍රතිලාභ සැලසීමයි. වැඩිපුර ආහාර වගා කිරීමට ගන්නා උත්සාහය ප්‍රශංසනීය වුවත්, නො සලකා හැරිය යුතු කරුණක් වන්නේ ආනයනික ඉන්ධන නොමැතිව නිෂ්පාදනය කරන ආහාර පාරිභෝගිකයා වෙත ළඟා නොවන බවයි.

එබැවින් සපුගස්කන්ද සඳහා බොර තෙල් ලබා ගැනීමට රුසියාව සමඟ සාකච්ඡා කිරීමටත්, දැනට සපුගස්කන්ද සතුව ඇති අතිරික්ත තොගවලින් චීනයෙන් ලැබෙන ඩීසල් සමඟ එයට අතිරේක කිරීමටත් රජය සෑම මාවතක් ම සොයා බැලිය යුතු ය. මෙමගින්:
ශ්‍රී ලංකාවේ සියලුම අවශ්‍යතා ඉටු නොවන බැවින්, “රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.” යන අගමැතිගේ ප්‍රකාශය උපයෝගී කොට, සපුගස්කන්ද සහ ලංකා IOC වෙතින් ලබා ගත නො හැකි අවශ්‍යතාවල ඉතිරිය සපුරාලීමටත්, අතිරික්තය ඉන්දියානු සාගර කලාප රටවලට අපනයනය කිරීමට අවසර ලබා ගැනීමට ප්‍රමාණවත් ධාරිතාවක් සහිත පිරිපහදුවක් හවුල් ව්‍යාපාරයක් ලෙස ත්‍රිකුණාමලයේ පිහිටුවීමට රුසියාව හා ශ්‍රී ලංකා රජයන් දෙක අතර හෝ රජය සතු සමාගම් සමඟ සාකච්ඡා කළ යුතු ය. එවැනි හවුල් ව්‍යාපාරයක් විය යුත්තේ රුසියාව විසින් පිරිපහදුව පිහිටු වනු ලබන්නේ ත්‍රිකුණාමලයේ සුවිශේෂී ස්ථානයට හිලව්වක් ලෙස වන අතර එයට මුදල් වටිනාකමක් පැවරිය නො හැකි වන ලෙසට ය.

රුසියාවෙන් තෙල් මිල දී ගැනීමේ සම්මත ප්‍රතිචාරය වන්නේ එවැනි අභ්‍යාසයක යෙදීමට අවශ්‍ය විදේශ විනිමය ශ්‍රී ලංකාවට නොමැති බවයි. කෙසේ වෙතත්, අවබෝධ කර ගත යුතු දෙය නම්, චීනය සමඟ රබර්/සහල් ගනුදෙනුවේ දී මෙන්, රාජ්‍යයන් සතුව ඇති භාණ්ඩ වෙනුවට ඔවුන්ගේ අවශ්‍යතා ආනයනය කිරීමට ඉඩ සලසන උපක්‍රම පවතින බවයි. නිදසුනක් වශයෙන්, එවැනි එක් ක්‍රමවේදයක් වන්නේ “වෙළෙඳාම නිර්මාණය කිරීම සහ වෙළෙඳාම හැරවීම” ය. එවැනි උපක්‍රම මඟින් ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඩීසල් වෙනුවට කිසිදු පාර්ශ්වයකට තීරු බදු නොමැතිව භාණ්ඩ පාර්සලයක් රුසියාවට හෝ චීනයට අපනයනය කළ හැකි ය. තවත් උපක්‍රමයක් නම් ඉන්දියාව අනුගමනය කරන ක්‍රමවේදය යි.
Al Jazeera හි වාර්තාවකට අනුව “ක්‍රියාත්මක කිරීමට නියමිත රුපියල්-රූබල් යාන්ත්‍රණය, ඉන්දියානු ආනයනකරුවන් ඉන්දියාවේ රුසියානු බැංකු ගිණුම්වලට භාණ්ඩ සඳහා ගෙවනු ඇති අතර ඔවුන් රුසියානු අපනයනකරුවන්ට රූබල්වලින් ගෙවීම් කරනු ඇත. නමුත් ඉන්දියාවේ ආනයන අපනයනයට වඩා වැඩි බැවින් රුසියානු බැංකුවලට ගොඩ ගැසී ඇති රුපියලෙන් ගැලවිය හැකි එකම ක්‍රමය ඉන්දියාව වැඩිපුර අපනයනය කිරීම; එනම් කෘෂි යන්ත්‍ර, ඖෂධ, ගෘහ භාණ්ඩ, නාන කාමර උපාංග ඇතුළු අනෙකුත් භාණ්ඩ නිපැයුමට වෙළෙඳපොළ විවෘත කිරීම පමණක් බව විශේෂඥයෝ පවසති.

වගාකරුවා සහ පාරිභෝගිකයා ගොදුරු කර ගන්නා වූ, ආහාර නිෂ්පාදනයේ ප්‍රශ්න හේතුවෙන් නොව නිෂ්පාදනය කරන දේ ප්‍රවාහනය කිරීමට නො හැකි වීම නිසා, ශ්‍රී ලංකාව තුළ ඇති වන ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට නම්, හැකි ඉක්මනින් ආශ්‍රිත පාර්ශ්වවලට පිළිගත හැකි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු පිළිබඳ නිපුණ සහ දැනුම ඇති කණ්ඩායමක් රුසියාවේ සහ චීනයේ අදාළ පාර්ශ්වයන් සමඟ සම්බන්ධ වීම අතිශයින් වැදගත් ය.

නිගමනය

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික විවාදයකට තුඩු දී ඇති අතර, එය ක්‍රමය වෙනස් කිරීමේ සිට ව්‍යවස්ථාවේ සම්පූර්ණ සංශෝධනය සහ ප්‍රතිසංස්කරණය දක්වා විහිදේ.

විධායක කමිටු ක්‍රමයෙන් පටන් ගෙන පාර්ලිමේන්තු ක්‍රම වන “වෙස්ට් මිනිස්ටර්” ක්‍රමය හා රාජ්‍ය බලයේ උත්තරීතර මෙවලම වන පටන් ගෙන ජාතික රාජ්‍ය සභාව (පාර්ලිමේන්තුව) ක්‍රමය හා ඉන් පසුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර බලය බෙදා ගැනීම නිරන්තර මතභේදයට තුඩු දී ඇති අර්ධ-ජනාධිපති ක්‍රමවලින් අවසන් වන ක්‍රමවේදයන් ශ්‍රී ලංකාව විසින් අත්හදා බලා ඇතත් වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය මුළුමනින් ම පාලන ක්‍රමය නිසා බව වැරදි වැටහීම මෙම අවධානය වෙනතකට යොමු කිරීමට හේතුව වී ඇත.

වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදයට හේතුව ශ්‍රී ලංකාව අත්හදා බැලූ කිසිදු ක්‍රමවේදයක් යටතේ ව්‍යවස්ථානුකූලව සකස් කරන ලද සංවරණ සහ තුලනය නොමැතිකම හේතු වූ බවට අවධානය නොවී ඇත. මෙය පුදුමයට කරුණක් නොවන්නේ, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පැවැත්මෙන් වසර 200කට ආසන්න කාලයකට පසුව සහ ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ ෆෙඩරල් හිඟයන් අත්විඳිමින්, එක්සත් ජනපද රජය පාලනය කිරීම සඳහා 1985 Gramm-Redman-Hollings හිඟය අඩු කිරීමේ පනත හඳුන්වා දීමට තීරණය කළේ අසීමිත මූල්‍යමය හිඟයන්ගේ පාලනය සඳහා ය. ශ්‍රී ලංකාව එක්සත් ජනපද අත්දැකීමෙන් පාඩමක් ඉගෙන ගැනීමට නම්, ශ්‍රී ලංකාව පවතින අර්බුදයෙන් ගොඩ ඒමට නම්, අවම වශයෙන් මේ අවසාන අදියරේ දී හෝ ඉහත සඳහන් කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සංවර්ධනය කිරීමේ ප්‍රමිතීන් සහ පාලන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියෙහි ශ්‍රී ලංකාව බැරෑරුම් ලෙස යෙදිය යුතු ය.

ආර්ථිකයට ක්ෂණික බලපෑමක් ඇති කරන තවත් කාරණයක් නම් සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවෙන් බාධාවකින් තොරව ක්‍රියාත්මක විය හැකි පරිදි බොර තෙල් සඳහා ප්‍රවේශය ලබා ගැනීම සහ රුසියාවෙන් සහ චීනයෙන් වෙනත් පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන නොමැතිව වගා කරන ආහාර නො ලැබෙනු ඇත. එක්සත් ජාතීන්ගේ සහ ලෝකයේ අවධානයට ලක්ව ඇති පුරෝකථනය කරන ලද ආහාර අර්බුදය වළක්වා ගැනීමට නම්, ආහාර බෙදා හැරීමට හැකි විය යුතුය. අවශ්‍ය සැපයුම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය විදේශ විනිමය ශ්‍රී ලංකාව සතුව නොමැති බැවින්, “වෙළෙඳ නිර්මාණය සහ වෙළෙඳ හැරවීම” හෝ ඉන්දියානු රුපියල්වලින් රුසියාවෙන් බොර තෙල් මිල දී ගැනීමට ඉන්දියාව භාවිතා කරන යාන්ත්‍රණය වැනි වෙනත් විකල්ප ගවේෂණය කිරීම අවශ්‍ය වේ. පාර්ලිමේන්තු අනුමැතියට ප්‍රථම වෙළෙඳ හා මූල්‍ය කටයුතු පිළිබඳ දැනුමක් ඇති දක්ෂ කණ්ඩායමක් විසින් එවැනි සාකච්ඡා පැවැත්විය යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සහ ප්‍රතිනිර්මාණය කිරීම මගින් අවධානය වෙනතකට යොමු කරනවා වෙනුවට, කාලීන අවශ්‍යතාවය වන්නේ කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කිරීමයි. පළමුවැන්න ආණ්ඩු විනයගරුක වන ආකාරයේ පාලනයක් ප්‍රවර්ධනය කරන ව්‍යවස්ථාමය ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ සංවර්ධනය කිරීමේ දී මුළු පාර්ලිමේන්තුව ම නියැලීම සහ දෙවැන්න ආර්ථිකය පවත්වා ගෙන යෑම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනවල ස්ථාවර සැපයුම සහතික කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාව අද අත්විඳින දුෂ්කරතා විඳ දරා ගැනීමට වැළැක්වීමයි.

නෙවිල් ලද්දුවහෙට්ටි

advertistmentadvertistment
advertistmentadvertistment