ශ්‍රී ලංකාව අද දිල්ලිවලින් සටන අරඹයි

364

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07 වැනිදා) දකුණු අප්‍රිකාවට එරෙහිව නවදිල්ලි හි අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් ද දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙම්බා බවුමා විසින් ද මෙහෙයවනු ලබති.

මෙවර තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් සමග තරගවැදීය යුතු අතර ඒ අනුව ශ්‍රී ලංකාව අදින් අරඹන මූලික සටන ලබන නොවැම්බර් 09 වැනිදා දක්වා දුර ඇදී යනු ඇත. ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වන අවසන් තරගය නවසීලන්තය සමඟ පැවැත්වේ.

ශ්‍රී ලංකාව අද දිල්ලිවලින් සටන අරඹයි

තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 15 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව මූලික වටයේදී හොඳම කණ්ඩායම් හතර අතරට පැමිණ සිටිය යුතුය. 1996 වසරේ ශූරයන් වූ ද 2011 සහ 2007 වසරවල ක්‍රිකට් අනුශූරයන් වූ ද ශ්‍රී ලංකාව මෙම තරගාවලියට මුහුණ දෙන්නේ එම අභිමානය රැක ගැනීමේ අරමුණෙනි. කෙසේ වෙතත් 1979 වසර ට පසුව මෙවර ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණදීමට සිදු වූ අතර එම තරගාවලිය ජයගෙන ශ්‍රී ලංකාව මෙවර ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීය. සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට මුහුණ දුන් ශ්‍රී ලංකාව එහිදී අනුශූරයන් බවට පත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියට මුහුණ දෙන්නේ යහපත් මානසිකත්වයකිනි.එහෙත් එහි අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ නොසිතූ විරූ පරාජයක් ලැබීමටද ශ්‍රී ලංකාවට සිදුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙස අද තරග බිමට පිවිසෙන දකුණු අප්‍රිකාව කිසිදු අවසන් පූර්ව තරග සඳහා තරග සඳහා සුදුසුකම් නොලබා තිබීමද කැපී පෙනෙන සිද්ධියකි. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය සඳහාද ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනකු වන දුශ්මන්ත චමීර සහ වනිඳු හසරංගගේ සහාය නොමැතිව මුහුණ දීමට සිදුව තිබේ. මෙම තරගාවලියේ මුහුණ දුන් පුහුණු තරග දෙකෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment