ශ්‍රී ලංකාව අපරාජිත ගමනක… – ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය

333

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ අවසන් තරගයට ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08 වැනිදා) හොංකොං කණ්ඩායම ලකුණු 62-51ක් ලෙස පරාජයට පත් කිරීමට සමත්වූවාය. ඒ තරගාවලියේ අපරාජිත භාවය තවදුරටත් රඳවා ගනිමිනි.

 තරගාවලියේ පළමු වටයේදී ඉන්දියාව සහ පිලිපීනය පරාජයට පත්කිරීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වටයේදී පිළිවෙළින් මැලේසියාව, සත්කාරක සිංගප්පූරුව පරාජයට පත් කිරීමට සමත්වී සිටියේය. ඒ අනුව ජයග්‍රාහී මානසිකත්වයකින් ඊයේ තරගයට ප්‍රවේශ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ පළමු වටය ලකුණු 20-09ක් ලෙසින් පෙරමුණ ගනිමින් නිමා කිරීමට සමත්වූහ.

 දෙවැනි වටයේදී ඊට තවත් ලකුණු 17ක් එක් කරගනිමින් සිය කණ්ඩායමේ සම්පූර්ණ ලකුණු එකතුව 37ක් දක්වා ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ අතරවාරයේ දෙවැනි වටයේදී ලකුණු 13ක් රැස් කළ හොංකොං කණ්ඩායම සිය ලකුණු සටහන 22ක් ලෙස ඉහළ දමා ගැනීමට සමත්වූහ.

 තෙවැනි වටය අවසානයේදී තරගයේ වැඩි වාසි තමන් වෙතට ළං කර ගැනීමට සමත්වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම වටය අවසානයේදී සම්පූර්ණ ලකුණු 48ක් රැස් කිරීමට සමත් වී සිටි අතර හොංකොං කණ්ඩායම ලකුණු 38ක් ලබා ගනිමිනි ශ්‍රී ලංකාවට වඩා ලකුණු 10ක් පිටුපසින් පසුවිය.

 තීරණාත්මක අවසන් වටයේදී තවත් ලකුණු 14ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වෙද්දී හොංකොං කණ්ඩායමට ලකුණු 13කින් පමණක් සෑහීමකට පත් වන්නට සිදු විය. ඒ අනුව සමස්ත තරගය අවසානයේදී ලකුණු 62-51ක් ලෙස තරගය අවසන් කර  ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment