ශ්‍රී ලංකාව තුර්කිමේනිස්ථානය හමුවේ 3-0 කින් පරදී

149

පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි පැවැත්වෙන නැෂනල් ලීග් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියේ තුර්කිමේනිස්ථානය සමඟ ඊයේ (16දා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට 3-0 ක පරාජයක් අත් විය.

ශ්‍රී ලංකාව 25-22, 25-19, 25-19ක් ලෙස පරාජයට පත් වූ අතර ඊට පෙර පැවති තරගයේදී ශ්‍රී ලංකාව පළමුවරට ඉරානය පරාජයට පත් කළේය.

ඉරානය සමග පැවති තරයේදී ශ්‍රී ලංකාව 25-22, 25-17 සහ 25-21ක් ලෙස තරග වට 3-0කින් එම ජයග්‍රහණය ලැබීය.

ඉරානය ජාත්‍යන්තර වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්හි 15වැනි ස්ථානයේ පසු වන අතර ලංකාව එහි 60 වැනි ස්ථානයෙහි පසු වෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත් වූ තුර්කිමේනිස්ථානය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි 131 වැනි ස්ථානයෙහි පසු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment