ශ්‍රී ලංකාව වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගනී

719

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 110කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් යුත් තරගාවලියේ තරග දෙකක් ජය ගෙන තරගාවලියද ජයග්‍රහණය කළේය.ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26.1කදී ලකුණු 138කට සියලු දෙනා දැවී ගියහ.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 5.1කදී ලකුණු 27ට කඩුලු 05ක් ලබා ගත්තේය. මහේෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 02 බැගින් ද අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් ද ලබා ගැනීමට සමත් විය.මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් ජයගනු ලැබූවේ වසර 27කට පසුව.

advertistmentadvertistment
advertistmentadvertistment