ශ‍්‍රී ලංකාව  සමූහාණ්ඩුවක් කරන්න විග්නේශ්වරන් මෝදිගෙන් ඉල්ලයි

214

ද්‍රවිඩ ජාතිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණියේ වසර 3000කට පෙර සිට බව දක්වමින් ශ‍්‍රී ලංකාව සමූහාණ්ඩුවක් කරන්නැයි හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා ඇත.

ඔහු තවදුරටත් දක්වා ඇත්තේ සිංහල භාෂාව ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූයේ ක‍්‍රිස්තු පූර්ව 6 හෝ 7 වැනි ශත වර්ෂවල බවයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ශ‍්‍රී ලංකා රජය එකම රටක් එකම නීතියක් යටතේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීමට රහසිගතව ක‍්‍රියා කරන බව ද විග්නේශ්වරන් මහතා මෝදි අගමැතිවරයා වෙත පැමිණිලි කර ඇත.

විග්නේශ්වරන් ප‍්‍රමුඛ ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ 7ක් අගමැති මෝදි වෙත සංදේශයක් යවමින් පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමට රජයට නොහැකි බව ද තවදුරටත් දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment