ශ්‍රී ලංකාව සුපිරි සිව් දෙනාගේ වටයට තේරෙයි

521

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.4කදී ලකුණු 289කට සියලු දෙනා දවා ගනිමින් ලකුණු 02ක තියුණු ජයක් ලබා ගනිමින් ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබී 65ක් සහ හෂමතුල්ලා ෂහීඩ් 59ක් ලකුණු ලබා ගත්හ.පන්දු යැවීමේදී කසුන් රාජිත 79/04 ලෙස කඩුලු දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 291ක් ලබාගත්තේය. තරගය අද පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.


advertistmentadvertistment