ශ්‍රී ලංකාව 357/1

354

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වර්ෂාව නිසා අද නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ලබා සිටී. නිෂාන් මධුෂ්ක නොදැවී ලකුණු 149ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83ක් ලබා ක්‍රීඩා කරති. නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් ලබා ගැනීමට සමත් විය. හෙට සහ අනිද්දා තරගය පෙරවරු 9.45ට ආරම්භ කර පස්වරු 5.15 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව දිනකට පන්දු වාර 98ක් යැවිය යුතුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment