ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරග කාලසටහන එළිදකී

371

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත් වේ.

ඒ අනුව පළමු හා එකම ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය. අනතුරුව එක්දින තරගාවලිය පෙබරවාරි 9, 11 හා 14 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත වේ.

20යි 20 තරගාවලිය දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරග පෙබරවාරි 17 වැනිදා, 19 වැනිදා සහ 21 වැනිදා පැවැත්වීමට නියමිතය.


advertistmentadvertistment