ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් පසුගියදා විශිෂ්ට දස්කම් දැක්වූ ජීවිත රක්ෂණ උපදේශිකාවන් ඇගයීමට ලක් කරන ලදී.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් 2024 මාර්තු මාසයේ විශේෂ තරඟයක් සංවිධානය කරන ලදී. එම තරඟයෙන් ජයග්‍රහණ අත්කර ගත් විශිෂ්ට ජීවිත රක්ෂණ උපදේශකවරියන් සහ බැංකු රක්ෂණ අංශයේ උපදේශකවරියන් සඳහා එදින ත්‍යාග පිරිනමන ලදී.
මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී විය.