ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වෙයි

99

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව තිබේ.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ වෙළඳපලේ ප‍්‍රමුඛතම සන්නාමය වන ”ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්” මෙවරද මෝටර් රථ රක්ෂණ වෙළෙඳපොළේ ප‍්‍රමුඛයා බවට පත්ව තිබේ.

සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපොළ තුළ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 21.73% ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියන අතර 2021 වසර සඳහා ඉතා අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වයන් මධ්‍යයේ වුවද 5.4% ක් වාරික වර්ධනයක් සමගින් රු. බිලියන 21.2 වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෝටර් රථ නොවන රක්ෂණ අංශය 15% ක අතිවිශිෂ්ට වර්ධනයක්‌ වාර්තා කරමින් රු. බිලියන 9.5 ක ආදායමක් වාර්තා කර ඇති අතර මෝටර් රථ රක්ෂණ අංශය රු. බිලියන 11.6 ක වාරික ආදායමක් වාර්තා කරමින් මෝටර් රථ රකෂණ අංශයේ පෙරමුණ ගෙන සිටී.

එසේම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව සිවු වන වසරටත් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් මගින් ඇගයීමට ලක්විය.

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීම සඳහා මෝටර් රථ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සන්නාමය වන ”ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්” දායකත්වය දක්වන ලද අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්” වෙතින් මෝටර් රථ රක්ෂණ වෙළඳපල තුල පවත්නා සුවිශේෂී රක්ෂණ අවශ්‍යතා වලට අනුකුලව Motor Plus Ladies Only, Motor Plus Tuk, Motor Plus Rider සහ Motor Plus Commercial ලෙසින් නවමු රක්ෂණ සැලසුම් රැසක් හඳුන්වා දෙමින් මෝටර් රථ රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ පාරිභෝගිකයාට වඩාත් පුළුල් පහසුකම් සැපයීමට සමත්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment