ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 MDRT දිනය පවත්වමින් ජයග්‍රාහකයන් අගයයි

77

2021 වසර සඳහා TOT ජයග්‍රාහකයෙක්, ඣඔ ජයග්‍රාහකයන් පස් දෙනෙක් ඇතුළුව MDRT ජයග්‍රාහකයන් 187ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 2021 වසරේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ජයග්‍රහණ වාර්තා කල MDRT ජයග්‍රාහකයන් ඇගයීම සඳහා 2022 MDRT දිනය නොබෝදා පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපතිතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා ඇතුළු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාරීත්වය සහ MDRT ජයග්‍රාහකයන් සහභාගි විය.

මෙහිදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් බිහිවූ ප්‍රථම TOT ජයග්‍රාහකයා සහ ඣඔ ජයග්‍රාහකයන් 5 දෙනෙකු ඇතුළුව MDRT ජයග්‍රාහකයන් 187 දෙනෙක් ඇගයීමට ලක්වූ අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉතිහාසයේ වැඩිම MDRT ජයග්‍රාහකයන් පිරිසක් බිහිකළ වසර ලෙසින් වාර්තාගත විය.

මෙම වැඩසටහන සඳහා ආචාර්ය රවී ප්‍රනාන්දු මහතා ප්‍රධාන දේශණය සඳහා සහභාගී විය. එමෙන්ම මෙහිදී ඉහළම ජයග්‍රහණ වාර්තා කල ජයග්‍රාහකයන් 15 දෙනා හට කොළඹ පොර්ට් සීටි හිදී සුඛෝපභෝගී බෝට්ටු සවාරියක් සඳහා සහභාගී වීමේ නවමු අත්දැකීම ලබාගැනීම සඳහා අවස්ථාව හිමිවිය.

ජිවිත රක්ෂණ උපදේශකවරුන් ලෙස MDRT සඳහා සුදුසුකම් ලබාගැනීම රක්ෂණ ක්ෂේත්‍රයේ සේවා සැපයීමේ ප්‍රමුඛතාවය සහ විශිෂ්ටත්වය පෙන්නුම් කරන ප්‍රමිතියක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන අතර MDRT සාමාජිකයෙකු වීම රක්ෂණ වෘත්තිකයෙකුගේ වෘත්තීමය ජීවිතයේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. 2021 MDRT ජයග්‍රාහකයන් 2022 වසරේ පැවැත්වෙන MDRT වාර්ෂික සමුළුව සඳහා සහභාගී වන අතර එය 2022 ජුනි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හිදී පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment