ඔස්‌ට්‍රේලියානු“ඒ” කණ්ඩායමට එරෙහිව දක්ෂ ලෙස ලකුණු හඹා ගිය ශ්‍රී ලංකා “ඒ” ක්‍රීඩකයෝ දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ඊයේ (10 වැනිදා) සමත්වූහ.
කොළඹ එස්.එස්.සී. තණතීරුවේදී සත්කාරක කණ්ඩායමට එරෙහිව ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5කදී කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය පසුකරමින් අදාළ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ කමිඳු මෙන්ඩිස් අතර ගොඩනැගුණු ලකුණු 116ක සම්බන්ධතාවය සහ අශේන් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ අතර 6 වැනි කඩුල්ල අතර ගොඩනැගුණු ලකුණු 85ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථීර කළේය.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 83ක් සහ අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 73ක් රැස් කළේය. ටේරවිස් හෙඩ් වටා ගොඩනැගුණු ඔස්‌ට්‍රේලියා “ඒ” ඉනිම පන්දුවාර 48.4කදී මුළු ලකුණු 312කට සියලු දෙනා දැවී ගියේය. විශිෂ්ට ඉනිමක් දියත් කළ ටේරවිස් හෙඩ් පන්දු 86කදී ලකුණු 110ක් රැස් කළේය. ආරොන් හාඩි ලකුණු 58ක් සහ හෙන්රි හන්ට් ලකුණු 40ක් රැස් කළේය.
ප්‍රමෝද් මදුශාන් ලකුණු 50කට ඔස්‌ට්‍රේලියානු ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමීය.
ලකුණු සාරාංශය –
ඔස්‌ට්‍රේලියානු “ඒ” කණ්ඩායම පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 312යි (ටේරවිස් හෙඩ් 110, ආරොන් හාඩි 58, හෙන්රි හන්ට් 40, ප්‍රමෝද් මදුශාන් 58/4, නිසල තාරක 48/2, සහන් ආරච්චිගේ 58/2)
ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පන්දුවාර 48.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 315යි (නිරෝෂන් දික්වැල්ල 80, අශේන් බණ්ඩාර (නොදැවී) 73, කමිඳු මෙන්ඩිස් 40, සහන් ආරච්චිගේ 31, ධනංජය ද සිල්වා 30, මැතිව් කුහුන්මන් 43/3)