ශ්‍රී ලංකා කණ්ඩායම අද කටුනායකදී සාමාන්‍ය මගී පර්යන්තය මගහරී

531

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන මෙරටට පැමිණියේය. වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු සිල්ක් රූට්ල පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට ඔවුන් කටයුතු කර තිබුණි.

එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ ක්‍රීඩකයින් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙවර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවය.

තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බව හසරංග පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment