ශ්‍රී ලංකා කණ්ඩායම ”ඩී” කාණ්ඩයේ අවසන් තැන

284

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු තරග දෙකම පරාජයට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට “ඩී” කාණ්ඩයේ 5 වැනි තැනට තල්ලු වී ඇත.

තරග දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ද -0.777 ක් ලෙස සටහන් වීම මත “ඩී” කාණ්ඩයේ අවසන් ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවේ.

තමන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව එම කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර දෙවන ස්ථානය බංගලාදේශයට හිමිවී ඇත.

එම කාණ්ඩයේ පෙරමුණේ පසුවන දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය අතර තරගය ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබුණු අතර බංග්ලාදේශය එම තරගය ඉහළ ලකුණු

වේගයක් සමග ජය ගතහොත් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමේ හැකියාවක් ද ඔවුන්ට හිමිය.

“ඩී” කාණ්ඩයේ ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින අනෙක් කණ්ඩායම් දෙක වන්නේ නෙදර්ලන්තය සහ නේපාලයයි.

නෙදර්ලන්තය තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජයට පත් වී ඇති අතර නේපාලය තවමත් මුහුණ දී ඇත්තේ පරාජයට පත් වූ නෙදර්ලන්තය සමග තරගය පමණි.

නේපාලය සහ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (12දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 5.00ට ආරම්භ වෙයි.

කුෂාන් සුබසිංහ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සිට

advertistmentadvertistment
advertistmentadvertistment