ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පිටත් වෙයි

2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ (14 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ.

එම තරගාවලිය එළඹෙන ජූනි මස 01 දින සිට ජූනි මස 29 දින දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංග විසින් දරනු ලබන අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පිටත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනකු, සංචාරක අතිරේක ක්‍රීඩකයින් 04 දෙනකු සහ කළමනාකරුවන්, පුහුණුකරුවන්, වෛද්‍යවරුන්, භෞත චිකිත්සකයින් ඇතුළු 25 දෙනකුගෙන් යුතු පිරිසක් ඇතුළත් වී සිටියහ.

එම කණ්ඩායම ඊයේ උදෑසන 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment