සිය වසක කාල පරිච්ඡේදයේ නාලන්ද විදු පියසින් බිහිවූ කීර්තිමත් නාලන්දීයයන් ඇගයීමේ සමාරම්භය ලෙස නාලන්ද ක්‍රිකට් ක්‍රීඩකයකු, ගුරුවරයකු සහ ක්‍රිකට් භාර ආචාර්යවරයකු ලෙස නාලන්දාවට සිය මෙහෙවර ඉටුකර, අනතුරුව ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රේමසර ඈපාසිංහ මහතාගේ රසාලිප්ත තොරතුරු රැගත් ආදි නාලන්දියකු වන මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ විසින් රචිත ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඈපාසිංහ කෘතිය සුසර ප්‍රකාශනයක් ලෙස ජනගත කිරීම කොළඹ, නාලන්ද විiාලයීය මලලසේකර ශාලාවේදී ඊයේ (06 දා) සවස සිදුවිය.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ මහතා එම කෘතිය ප්‍රේමසර ඈපාසිංහ මහතාට පිළිගැන්වූ අයුරු. මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද නාලන්දා විදුහල්පති ඉරාන් චම්පික සිල්වා, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් හා නාලන්ද විදුහල්පතිවරයකු වන හේමන්ත ප්‍රේමතිලක ආදි නාලන්ද ක්‍රිකට් සමාජයේ හිටපු සභාපති උපුල් ගමගේ, වත්මන් සභාපති නිහාල් පතිරගේ යන මහත්වරුන් ඇතුළු කීප දෙනෙක් ද එක්වූහ.
සටහන හා ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ