ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් රග්බි වෙත මුදල් තෑගි

1

ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දස්කම් ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික රග්බි කණ්ඩායම වෙත පසුගියදා ප්‍රදානය කළේය.

කසකස්තානය පරදවමින් ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට උපහාර පිදීම වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ඉකුත් සිකුරාදා දින සංවිධානය කරන ලද උත්සවයේදී මෙම ත්‍යාග ප්‍රදානය සිදුකරනු ලැබීය.

මෙම මුදල් ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත පිරිනමනු ලැබීය. එම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ගෲප් කපිතාන් නලින් ද සිල්වා යන මහත්වරුද සහභාගි වී සිටියහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment