ශ්‍රී ලංකා කාන්තාවන්ට දෙවැනි වරටත් පරාජය

121

නවසීලන්තයට තරගාවලි ජයක්

ජෝර්ජියා ප්ලිමර්ගේ සහ සුසී බෙට්ස්ගේ ශතක සබඳතාවත්, ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ දුර්වල පිතිහරඹයත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන් ද ලකුණු 98ක ජයක් ලැබීමට නවසීලන්ත කන්තා කණ්ඩායම සමත්වූවාය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබාගැනීමට සමත්වූ අතර, ලකුණු 281ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දු වාර 50 අවසානයේ ලබාගැනීමට හැකියාව ලැබුණේ සියලු දෙනා දැවී ලකුණු 182ක් පමණක් වීම හේතුවෙන් ලකුණු 98ක පහසු ජයක් නවසීලන්ත කාන්තාවන්ට හිමිවිය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක පරාජයක අහිමිර අත්විඳින්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිණි.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ජෝර්ජියා ප්ලිමර් ලකුණු 112ක්, සුසී බෙට්ස් ලකුණු 53ක් සහ බ්‍රෝකි හේලිඩේ ලකුණු 36ක් ලබාගැනීමට සමත්වූවාය.

පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 70කට කඩුලු 3ක් දවාලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කවීෂා දිල්හාරි ලකුණු 45ක්, නිලක්ෂිකා සිල්වා ලකුණු 45ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 23ක් ලැබීය.

පන්දු යැවීමේදී ජේස් කීර් ලකුණු 22කට කඩුලු 3ක් සහ ෆෙන් ජොනාස් ලකුණු 40කට කඩුලු 3ක් බිඳහෙළීය.

තරගයේ වීරවරියට හිමි සම්මාන ජෝර්ජියා ප්ලිමර්ටත්, තරගාවලියේ වීරවරියට හිමි සම්මානය මදී ග්‍රීන් විසින් දිනාගත්තාය.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment