ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

413

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර ඇත.

සාර්ව ආර්ථික වර්ධනයන් විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ,2024 අංක 01 දරණ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති, නිකුත් කරන ලද අතර එය 2024-07-01 දිනැති අංක 2391/02 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

එම රීති 2024-09-04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද අතර එදින සිටම බලාත්මක විය.

මෙම රීති මගින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම්ල අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාලසීමාවල අපනයන ආදායම ලැබුණු දින සිටල ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුන03ක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන 10 වැනි දිනය දක්වා දීර්ඝ කර තිබේ.

පෙර පැවති රීතිවලට අනුව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළැඹෙන මාසයේ හත්වන දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුව තිබුණි.

මෙම නීතින්ට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ www.dfe.lk වෙබ් අඩවිය හරහා ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment