මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේදී ඉන්දියාවට ලකුණු 60ක ජයක් හිමිවිය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේදී ලබාගත හැකි වූයේ කඩුළු 09 දැවී ලකුණු 58කි.
ශ්‍රී ලංකාව තරගය පරාජය වුවත් ඔවුන් දැනටමත් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටියි.