ශ්‍රී ලාංකික පුරවැසියන් වන අයිසිස් සාමාජිකයන් සිවුදෙනකු ඉන්දීය ආරක්‍ෂක අංශ මඟින් ගුජරාටයේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සිවුදෙනා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකය විසින් නම් නොකළ ස්ථානයකට ගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.
අයි. පී. එල්. අවසන් පූර්ව තරග සඳහා ක්‍රිකට් කණ්ඩායම් ගුජරාටය වෙත පැමිණීමට නියමිතව තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
පසුගිය මාර්තුවේ ඉන්දියාවේ අයිසිස් කණ්ඩායමේ නායකයන් දෙදෙනකු බංග්ලාදේශයේ සිට නැවත ඉන්දියාවට පැමිණෙද්දී අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ අත්අඩංගුවට ගැනීමත් සමඟ අහමදාබාද් ගුවන්තොටුපළේ ආරක්‍ෂාව තරකර තිබේ.
චතුර පමුණුව