ශ්‍රී ලාංකීය සමාජය ආපදාවලින් බේරගන්න R¸MES කරන කාර්යභාරය ප්‍රශංසනීයයි – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

63

ශ්‍රී ලාංකීය සමාජය ආපදා අවදානම්වලින් ආරක්ෂා කිරීමට මෙන්ම තිරසාර සහ ශක්තිමත් සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා R¸MES ඉටු කරනු ලබන කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීය බැව් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ඉකුත් 08 දා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති අප්‍රිකා සහ ආසියාතික රටවල් සඳහා වන කලාපීය ඒකාබද්ධ බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (R¸MES) සිව්වැනි අමාත්‍ය සමුළුවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බැව් සඳහන් කළාය.

අප්‍රිකා සහ ආසියාතික රටවල් මූලික වශයෙන් මුහුණ පා ඇති අවදානම් අධීක්ෂණය කිරීම, තක්සේරු කිරීම, සන්නිවේදනය කිරීම සහ තීරණ ගැනීම සඳහා එම අවදානම් තොරතුරු යෙදවීම යන පහසුකම් සැලසීම සඳහා 2009 අප්‍රේල් 30 වැනි දින R¸MES
පිහිටුවා ඇත.

ශ්‍රී ලාංකීය සමාජය ආපදාවලින් බේරගන්න R¸MES කරන කාර්යභාරය ප්‍රශංසනීයයි - අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“2017 වසරේ පැපුවා නිව්ගිනියාවේ පැවති තුන්වැනි අමාත්‍ය සමුළුවේදී R¸MES
හි සිව්වැනි අමාත්‍ය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා යෝජනාව ඉදිරිපත් කළා. ගෝලීය COVID-19 වසංගතය මෙන්ම ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය වැනි විවිධ අභියෝග නිසා මෙම සමුළුව මේ වන තෙක් කල්දැමීමට සිදු වුවත්, මෙම අවස්ථාව අද දින යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විශේෂයෙන්ම R¸MES ඇතුළුව ඉඩම් සහ වාරිමාර්ග, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ලබාදුන් සහයෝගය අපි අගය කළ යුතුයි.

ස්වාභාවික විපත් අතරින්, 2004 දී අපට මුහුණ පෑමට සිදුවුණු සුනාමි ව්‍යසනය මෑත ඉතිහාසයේ සිදු වුණු දරුණුම ඛේදවාචකයක්. ඒ ව්‍යසනයෙන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක ජීවිත බිලිගත්තා. මෙම ඛේදවාචකය නිසා රටට සිදුවුණු ආර්ථික හා සමාජයීය බිඳ වැටීම වගේම දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වුණු දරුවන්ගේ වේදනාව තාමත් අපි විඳදරා ගන්නවා.

ශ්‍රී ලාංකීය සමාජය ආපදාවලින් බේරගන්න R¸MES කරන කාර්යභාරය ප්‍රශංසනීයයි - අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

මෙවැනි අවස්ථාවල දී ශ්‍රී ලාංකේය සමාජය ආපදා අවදානම්වලින් ආරක්ෂා කිරීමට මෙන්ම තිරසාර සහ ශක්තිමත් සංවර්ධනයට මඟ පෙන්වීම R¸MES විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීයයි. එවැනි සමාජ මෙහෙවරයන් ඉදිරියටත් ඉටු කිරීමට R¸MES හි ප්‍රයත්නයට මම සුබ පතන අතර එම සමස්ථ ශ්‍රී ලංකේය සහ ගෝලීය ප්‍රජාවේ යහපත උදෙසා දෙපාර්ශවය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැප වී සිටිනවා.” යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න, තානාපතිවරුන්, R¸MES සාමාජික රටවල නියෝජිතයන්, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සහ අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගි වූහ.


advertistmentadvertistment