ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය අනාගතයට ගැළපෙන අයුරින් නවීකරණය කරමින් ගොවි ජනතාවට සාර්ථක හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා කටයුතු කරන ලදී.
ඒ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ‘HNB සරුසාර’ වැඩසටහන දියත් කරමිනි. නව්‍ය තාක්ෂණය උපයෝගී කරගත් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීම අරමුණු කරගත් නිවැරදි කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම පිළිබදව මෙහිදී දැනුවත් කළ අතර ඒ සඳහා සහභාගී වූ 700කට අධික කෘෂි ව්‍යවසායකයින්ට තමන් මුහුණ දෙන ගැටළුවලට නිවැරදි විසඳුම් ලබා ගැනීමට ද මෙහිදී අවස්ථාව උදා විය.
නොච්චියාගම ප්‍රදේශයේ 16,000කට අධික ගොවි ජනතාවකගේ කෘෂිකාර්මික ගැටළුවලට විසඳුම් ලබා දීමේ අරමුණින් HNB ක්ෂුද්‍ර මූල්‍ය අංශය විසින් සංවිධානය කරන මෙම පුරෝගාමී වැඩසටහනේ සමාරම්භක පියවර ලෙසද ‘ HNB සරුසාර’ සඳහන් කළ හැකිය. දිවයින පුරා විසිරී සිටින කෘෂි ව්‍යාපාර විසඳුම් සේවාවන්හි ප්‍රමුඛතම ආයතන 20කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයෙන් ගොවි ජනතාවගේ දැනුම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් දැක බලා ගැනීමේ අවස්ථාව ද HNB මෙහිදී උදාකර දී තිබීම විශේෂත්වයක් විය. තවද කෘෂි බෝග බීජවල සිට අස්වැන්න දක්වා සියලු තොරතුරු දැන ගනිමින් සිය කෘෂි කාර්මික කටයුතු වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාවද මෙහිදී ගොවි ජනතාවට හිමි විය.