ශාන්ත තෝමස් විදුහලෙන් නිල් මහ සටනට කොළ එළියක්

161

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර ඊයේ (21 වැනිදා) ආරම්භ වූ 143 වැනි නිල් මහ සටනේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම දිනය නිමා වනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් රැස් කරගෙන සිටියේය.

ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සනේශ් හෙට්ටිආරච්චි සහ චාරුක පීරිස් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ අතර ඉන් චාරුක පීරිස් තවමත් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස ලකුණු 55ක් ලබා ගෙන කඩුල්ලේ රැඳී සිටී.

සනේශ් හෙට්ටිආරච්චි ලකුණු 55 කට දැවී ගිය අතර ඔහු මුහුණ දුන් පන්දු 118 න් පන්දු 7 ක් හතරේ සීමාව ඉක්මවා යෑමට සමත් වී තිබිණි.

කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් පන්දු යැවීමෙන් කඩුලු දෙක බැගින් දවා ගැනීම ගිෂාන් බාලසුරිය සහ රමිරු පෙරේරා සමත් වූ අතර දසිස් මංචනායක එක් කඩුල්ලක් දවා ගත්තේය.

චාරුක පීරිස් සමඟ නොදැවී කඩුල්ලේ රැඳී සිටින මහිත් පෙරේරා ලකුණු 11ක් ලබා ගෙන තිබිණි.

ලකුණු සාරාංශය

සාන්ත තෝමස් විදුහල පන්දුවාර 90කදී කඩුලු 6 ක් දැවී ලකුණු 207

සේනාධි බුලන්කුලම 18, ජනිදු අබේගුණවර්ධන 28, දිනෙත් ගුණවර්ධන 12, රයන් ප්‍රනාන්දු 18, මුයිස් නවුෂාන් 01, සනේශ් හෙට්ටිආරච්චි 55, චාරුක පීරිස් නොදැවී 55, මහිත් පෙරේරා නොදැවී 11

පන්දු යැවීම

ගිෂාන් බාලසුරිය 52-2, රමිරු පෙරේරා 36-2, දසිස් මංචනායක 22-1


advertistmentadvertistment