ශාන්ත පීතර – ශාන්ත ජෝසප් විදුහල් අතර පැවති 50 වැනි එක්දින වාර්ෂික ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝසප් කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 229 හඹාගිය ශාන්ත පීතර කණ්ඩායම පන්දුවාර 45.4කදී කඩුලු 7 ක් දැවී ලකුණු 230 රැස්කරමින් ජය සටහන් කළේය.
ජයග්‍රාහී ශාන්ත පීතර කණ්ඩායමේ නායක විශේන් හැළඹගේ, ශාන්ත ජොසප් විද්‍යාලයීය පාර්ශ්වයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගී වූ දුෂාන් සොයිසා සහ ශාන්ත පීතර විදුහල් පාර්ශ්වයේ ප්‍රධාන අමුත්තා වූ බර්නාඩ් විජේතුංග අතින් එම ජයග්‍රහණය වෙනුවෙන් හිමි වන පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන හිමිකරගත් අවස්ථාව ඡායාරූපයේ වේ.
(ඡායාරූපයේ වමේ සිට) හේලීස් සෝලා අලෙවි ප්‍රධානී අකිල ජයසේන, ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩා ප්‍රධානී ප්‍රියාන් තිසේරා පියතුමන්, ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති රංජිත් අන්ද්‍රාදී පියතුමන්, ශාන්ත පීතර විදුහල්පති රෝහිත රොද්‍රිගු පියතුමන්, ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා, ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩා සම්බන්ධීකාරක මිලාන් බර්නාර්ඩ් පියතුමා සහ Capacity ප්‍රධාන අලෙවි නිලධාරී රසීනා මෝර්සෙත් මහත්මියද ඡායාරූපයේ වෙති.