ශාන්ත මේරි විදුහලේ යසිත්ගෙන් ද්විත්ව ශතකයක්

181

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ මතුගම ශාන්ත මේරී කණ්ඩායම සහ බෙන්තර ගාමිණි කණ්ඩායම අතර පසුගියදා පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් ලබා

ගැනීමට මතුගම ශාන්ත මේරි කණ්ඩායමේ යසිත් සත්සර සමත් වූයේය.

පන්දු 234 ක් තුළ දී හතරේ පහර 34 ක් සහ එක් හයේ පහරක් සමග යසිත් නොදැවී ලකුණු 201 ක් වාර්තා කළ අතර ඔහුගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් එම තරගයේදී ශාන්ත මේරී කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් හිමිවිය.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත මේරි කණ්ඩායම කඩුලු 3ට ලකුණු 347 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බෙන්තර ගාමිණි කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 268ක් ලබා ගත්තේය. එහිදී ගනිදු සේනතිලක ලකුණු 95ක් සහ දෙනෙත් විමසර ලකුණු 58ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී එන්. ක්‍රිතික් ලකුණු 35ට කඩුලු 4ක් ලබාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment