මත්ද්‍රව්‍ය චෝදනාමත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මෙම සිද්ධියෙන් නිදහස් කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීන් ඉන්දීය රුපියල් කෝටි 25 ක් ඉල්ලා සිටි බව මෙම සිද්ධියෙහි ඔත්තුව ලබාදුන් ස්වාධීන සාක්ෂිකරුවකු ලෙස පෙනී සිටින ප්‍රභාකර් සේලි නමැත්තා විසින් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

සුපිරි මගී නෞකාවක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වීමේ චෝදනා මත ආර්යන් ඛාන් ඉකුත් 03 වැනිදා ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ වන විට ඔහු බන්ධනාගාරගත කර සිටින අතර මත්ද්‍රව්‍ය සිද්ධිය සමස්ථයකට පත් කර ගැනීමේදී මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශතුමාංගෙන් හිස් කොළ 09 කට අත්සන් තබන ලෙස ඉල්ලා සිටි බවත් ප්‍රභාකර් මාධ්‍ය වෙත පවසා ඇත.

ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසන්නේ එය අසත්‍යක් බවත් එවැනි අල්ලසක් තම කාර්යාංශයේ නිලධාරීන් ඉල්ලා නැති බවත්ය.
කෙසේ වෙතත් ප්‍රභාකර් පවසන්නේ ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගෝසාවි සහ සෑම් ද සෝසා නමැති නිලධාරීන් ආර්යන් නිදහස් කිරීමට ශාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 25 ක් ඉල්ලූ බවය.
ප්‍රභාකර් තවදුරටත් පවසන්නේ ගෝසාවි සෝසා වෙත දුරකථන ඇමැතුමක් දෙමින් මෙම රුපියල් කෝටි 25 මුදල අවශ්‍ය නම් කෝටි 18 ක් දක්වා අඩු කර ගත හැකි බව පැවසූ බවත්ය.
උපාලි ද සේරම්