ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු එයි

158

2022 – 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023-06 ශ්‍රේණිය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (23 දා) නිකුත් කරනු ලැබීය.

2023 මාර්තු 23 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https//g6application.moe.gov.lk පිවිසීමෙන් පරීක්‍ෂා කරගත හැකිය.

මෙම කඩඉම් ලකුණු මත පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත් පාසලක් ලැබි නොමැති හෝ වෙනත් අසාධාරන හේතු මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (23 දා) නිකුත් කරනු ලැබීය.

මෙම කඩඉම් ලකුණු මත පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත් පාසලක් ලැබී නොමැති හෝ වෙනත් අසාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (On line) ක්‍රමයට පහසුකම් ඉදිරියේදී සලසා දෙනු ඇති අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාලසීමාව පසුව දැනුම් දෙනු ඇත.

සියලුම අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් 2023 මැයි 01 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය. පැමිණ භාරදෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභියාචනා අයදුම්පත් ප්‍රතික්‍ෂේප කරන බවද අධ්‍යාපන අමාත්‍යාශංය පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment